සමග‍්ගානං තපො සුඛො
“සමගි වූවනට තපස සැපයකි”

මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනයේදී පස්වන වරටත් සාර්ථකව පවත්වන ලද භික්ෂු භාවනා වැඩ සටහන 2019 නොවැම්බර් මස 21 වනදා අවසන් විය.
මෙවර භාවනා වැඩසටහනට ස්වාමීන් වහන්සේලා පනස්පස් නමක් සහභාගි වූහ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි අරණ්‍යවාසී සහ ග්‍රාමවාසී සියලු භික්ෂූන් වහන්සේලා, තම ආධ්‍යාත්මික ගුණ දියුණුව සඳහා ඉතා සමගි සම්පන්නව, මහත් කැප වීමෙන් අප්‍රමාදීව කටයුතු කළහ.
මෙවර භික්ෂු භාවනා වැඩසටහන සඳහා නාථගනේ අරණ්‍ය සේනාසනාධිපති අති පූජ්‍ය හැවන්පැලැස්සේ චන්ද්‍රවංස නායක ස්වාමීන් වහන්සේගේ වැඩමවීම ප්‍රබෝධජනක මානසික පරිසරයක් හටගැනීමට හේතු විය. තවද, දිවයිනේ ප්‍රධාන විශ්ව විද්‍යාල කිහිපයක සේවය කළ අති පූජ්‍ය මහාචාර්ය විලේගොඩ අරියදේව ස්වාමීන් වහන්සේ, අති පූජ්‍ය මහාචාර්ය අලහේන්ගම සුමනරතන ස්වාමීන් වහන්සේ සහ අති පූජ්‍ය මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමීන් වහන්සේ යන ස්වාමීන් වහන්සේලාගේ ගේ සහභාගිත්වය, වැඩසටහනට මහත් ආලෝකයක් විය. තවද, උන්වහන්සේලාගේ ධර්මානුධර්ම ප්‍රතිපදාව තරුණ භික්ෂුන් වහන්සේලාට විශිෂ්ට ජීවමාන ආදර්ශයක් දුන්නේය.
බියගම, දොම්පේ සහ රදාවාන රජයේ රෝහල්වල සේවයේ නියුතු මනෝවෛද්‍ය ධම්මික අරියනන්ද මහතා විසින්, භාවනාවේ නවීන විද්‍යාත්මක පසුබිම අළලා දේශනයක් අවසන් දිනයේදී පවත්වන ලදි.
භාවනා වැඩ සටහන අවසානයේ ඉතා වටිනා ධර්ම පුස්තක රැසක්ද සහභාගි වූ ස්වාමීන් වහන්සේලාට පූජා කරන ලදි.

මෙවර භාවනා වැඩසටහනේ ධර්ම දේශනා සඳහා යොදාගන්නා ලද්දේ විදර්ශනා භාවනාවට අතිශයින් අදාළ වන මාලුඞ්ක්‍යපුත්ත සූත්‍රයයි. එම ධර්ම දේශනා සහ කමටහන් සාකච්ඡා මෙතැනින් බාගත කරගත හැකි වේBlessed is the Unity of Saṅgha

මීළඟ භික්ෂු භාවනා වැඩසටහන 2020 මාර්තු මස 24 සිට අප්‍රේල් 03 වැනිදා දක්වා පැවැත්වේ.
ඒ සඳහා අයදුම් පත මෙතැනින් බාගත කරන්නසමග‍්ගානං තපො සුඛො

Austerity is a Blessing to those Living in Harmony

The 5th Vipassana meditation retreat for the Sangha community, successfully held in the Nissarana Vanaya Forest Monastery, was concluded on the 21st of November, 2019.
Altogether 55 Bhikkhus participated in this retreat. Irrespective of the fact that they came from various parts of the country, and belonged to both Forest tradition and Non-forest tradition, there was exemplary harmony and unity in this Saṅgha community, and accordingly all of them followed the practice with dedication and diligence for their spiritual advancement.
The participation of the Most Venerable Havanpelesse Chandravaṃsa Mahā Thero, Abbot of the Nathagane Forest Monastery, created great inspiration, courage and zeal among the Bhikkhus. Further, the presence of the Most Ven. Prof. Vilegoda Ariyadeva Mahā Thero, Most Ven. Prof. Alahenegama Sumanarathana Mahā Thero, and Most Ven. Prof. Thumbulle Seelakkhandha Mahā Thero, all of whom have served in several universities of Sri Lanka, was a great inspiration to the gathering. The righteous conduct and monastic discipline of these senior Maha Theros set an ideal example to the younger Bhikkhūs.
On the final day, Dr. Dhammika Ariyananda, Psychiatrist of the Biyagama, Dompe and Radavana govt. hospitals, delivered a speech on the scientific basis of meditation.
Further, a set of valuable Dhamma books were donated to all the Bhikkhus at the conclusion of the retreat.
The series of Dhamma sermons for this retreat was based on Māluṅkyaputta Sutta, which is very relevant to vipassana meditation. Those Dhamma sermons and the discussions can be downloaded hereBlessed is the Unity of Saṅgha

The next Bhikkhu retreat will be held from 24th March to the 3rd April, 2020. The application form can be downloaded via this linkසමග‍්ගානං තපො සුඛො